Terms & Conditions - IBAcademy

Terms & Conditions
නියමයන් සහ කොන්දේසි

Please read and understand the following terms and conditions before registering for courses at International Bridge Academy of Languages (IBAcademy).

International Bridge Academy of Languages (IBAcademy) හි පාඨමාලා සඳහා ලියාපදිංචි වීමට පෙර පහත නියමයන් සහ කොන්දේසි කියවා තේරුම් ගන්න.

💳 1. Registration Fees & Refunds ලියාපදිංචි ගාස්තු සහ මුදල් ආපසු ගෙවීම්
The registration fee of Rs. 5,000/- for the course is Strictly Non-refundable under any circumstances. Please consider this carefully before registering.

පාඨමාලාව සඳහා අය කෙරෙන රු. 5,000/- ක ලියාපදිංචි ගාස්තුව කිසිදු හේතුවක් මත ආපසු ගෙවනු නොලැබේ (Non-refundable). කරුණාකර ලියාපදිංචි වීමට පෙර ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.
👨‍🏫 2. Online Class Rules මාර්ගගත පන්ති නීතිරීති
To maintain the discipline and quality of the class, all students must adhere to the following rules:
  • Joining the classes on the scheduled time is mandatory.
  • Keeping your camera turned on (Camera On) throughout the entire class duration is strictly required.
  • Any behavior that disturbs the teacher or other students is completely prohibited.

පන්තියේ විනය සහ ගුණාත්මකභාවය පවත්වා ගැනීම සඳහා සියලුම සිසුන් පහත නීති අනුගමනය කළ යුතුය:
  • පන්ති ආරම්භ වන නියමිත වේලාවට සම්බන්ධ වීම අනිවාර්ය වේ.
  • පන්තිය පැවැත්වෙන සම්පූර්ණ කාලය පුරාවටම ඔබගේ කැමරාව ක්‍රියාත්මක කර (Camera On) තබා ගැනීම අනිවාර්ය වේ.
  • ගුරුවරයාට හෝ අනෙකුත් සිසුන්ට බාධා වන අයුරින් හැසිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකිය යුතුය.
🎓 3. Issuance of Certificates සහතික පත්‍රය නිකුත් කිරීම
To receive the valuable certificate offered by the institute at the end of the course, a student must fulfill the following minimum requirements:
  • Maintain a minimum class attendance of 80%.
  • Successfully complete all given assessments and assignments.
  • Pass the Final Examination held at the end of the course.

පාඨමාලාව අවසානයේ ආයතනය විසින් පිරිනමන වටිනා සහතික පත්‍රය ලබා ගැනීම සඳහා සිසුවා පහත අවම සුදුසුකම් සපුරාලිය යුතුය:
  • අවම වශයෙන් 80% ක පන්ති පැමිණීමක් (Attendance) තිබීම.
  • ලබාදෙන සියලුම ඇගයීම් සහ පැවරුම් සාර්ථකව සම්පූර්ණ කිරීම.
  • පාඨමාලාව අවසානයේ පැවැත්වෙන අවසාන පරීක්ෂණයෙන් (Final Exam) සමත් වීම.
🛡️ 4. Intellectual Property බුද්ධිමය දේපළ
Distributing, sharing, or uploading tutorials (Tutes), class notes, and recorded videos provided by the institute to any external party or the internet is strictly prohibited.

ආයතනය විසින් සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා ලබාදෙන නිබන්ධන (Tutes), පන්ති සටහන් සහ පටිගත කළ වීඩියෝ (Recordings) වෙනත් කිසිදු බාහිර පාර්ශවයකට බෙදා හැරීම හෝ අන්තර්ජාලයට මුදා හැරීම සපුරා තහනම් වේ.